FAST NEWS

24×7 Around the Globe

සංවර්ධන කටයුතු සදහා වැය කිරිමට තිබු ලක්ෂ 450කින් හරින් වාහනයක් ගත්තා මහඇමති කියයි.

හිටපු ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඌව පළාත් සභාවේ මුදල් භාවිත කරමින් රුපියල් ලක්ෂ 450 ක් වටිනා BMW වර්ගයේ වාහනයක් ගෙනවිත් පාවිච්චි කරණ බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම වාහනය පසුගිය දිනවල පැවැති පාර්ළිමේන්තු මැතිවරණ කටයුතු සදහා පාවිච්චි කළ හරීන් පාර්ළිමේන්තු මන්ත්‍රි වශයෙන් තේරි පත්වුවාට පසු එම වාහනය නැවැත පළාත් සභාවට භාරනොදි තාමත් ඔහුට ලැබුණු අමාත්‍යංශයේ පාවිච්චිය සදහා යොදා ගන්නා බවයි.

හිටපු ඇමැති මණ්ඩලය මෙම වාහනය මිළදි ගැනිමට අනුමැතිය ලබාදී බදුල්ල මොණරාගල දිස්ත්‍රික්ක දෙකහි ජනතාවගේ සංවර්ධන කටයුතු සදහා වැය කිරිමට ඇති මුදල් වලින් ඇමැතිවරයෙකුගේ වාහනයට යෙදවීම විශාල අපරාධයක් බවයි ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් වැඩිදුරටත් පැවසුවේ.