FAST NEWS

24×7 Around the Globe

ප්‍රථම වතාවට කෙසෙල් කෙඳිවලින් රෙදිපිළි සහ ඇඟළුම් ව්‍යාපෘතියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ලංකාවේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ඇඟළුම් හා පේෂ කර්මාන්ත ආයතනය විසින් කෙසෙල් කෙඳි භාවිත කර රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ. 

එමඟින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 25 ක අපනයන ආදායමක් ලබාගැනීමට අපේක්ෂා කරන බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

හෙක්ටයාර 53,000 ක භූමි ප්‍රමාණයක කෙසෙල් වගා කර ඇති අතර, ඉන් මෙට්‍රික් ටොන් හාරලක්ෂ 50,000 ක වාර්ෂික කෙසෙල් නිෂ්පාදනයක් සිදුකරනු ලබයි.

එම අස්වැන්න ලබාගැනීමෙන් පසු ඉවතලන අපද්‍රව්‍ය මඟින් මෙම කෙසෙල් කෙඳි ලබාගැනීමට අදාළ ව්‍යාපෘතිය මගින් ඇඟළුම් හා පේෂ කර්මාන්ත ආයතනය විසින් අපේක්ෂා කරනු ලබයි.