FAST NEWS

24×7 Around the Globe

සිරියානු සිවිල් යුද ගැටුම් යළිත් වරක් උග්‍ර අතට පෙරළෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියානු හමුදා ත්‍රස්ත පාලනයේ පවතින අවසන් බලකොටු වෙත ප්‍රහාර දැඩි කිරීමත් සමඟින් සිරියානු සිවිල් යුද ගැටුම් නැවතත් උග්‍ර අතට හැරී තිබේ.

මේ හේතුවෙන් පීඩා විදින අසරණ සිවිල් වැසියන් තුර්කිය වෙත පලායමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

සිරියාවේ ඉඩ්ලිබ් පලාතේ නගර කිහිපයක් තවමත් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පවතියි.

ත්‍රස්ත ග්‍රහණයේ පැවැති මරාත් අල් නූමන් නගරයෙන් පලා ආ පිරිස් දේශසීමාවේ පිහිටි තාවකාලික කදවුරු වෙත රැදී සිටින අතර ඔවුන් වෙත අවශ්‍ය ආහාර සහ අත්‍යවශ්‍යය ද්‍රව්‍ය බෙදාදීමට තුර්කි සහන කණ්ඩායම් කටයුතු කර තිබේ.

2011 වසරේ සිදුවූ අරාබි වසන්තයෙන් ආරම්භ වී ජනාධිපති ෂාර් අල් අසාද් ට එරෙහි විරෝධතා අවසානයේ සිවිල් යුද්ධයක් දක්වා දිග්ගැස්සුණු අතර , පුරා වසර නවයක් පුරාවට මෙම යුද්ධය ක්‍රියාත්මකව පවතී.