FAST NEWS

24×7 Around the Globe

මහ බැංකුව, රක්ෂණ සංස්ථාව සහ රාජ්‍ය බැංකු රවිගෙන් ගලවයි.

නව අමාත්‍ය මණ්ඩලයට පැවරී ඇති කාර්යභාරයන් සහ විෂය පථයන් පිළිබඳ ගැසට් නිවේදනය ජනාධිපති වරයා විසින් ඊයේ (21) ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව අමාත්‍යංශ 50ක් ස්ථාපිතව තිබෙනවා.

මෙම ගැසට් නිවේදනයට අනුව අධ්‍යාපන අමාත්‍යංශය යටතට සංස්කෘතිය පිළිබඳ වගකීමක්ද පවරා ඇති බව පෙනී යනවා. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික කලා මණ්ඩලය, ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රය වැනි ආයතන අධ්‍යාපන අමාත්‍යංශයේ විෂය පථයට ඇතුළත්වන බැවිනි.

එම ගැසට් නිවේදනය අනුව මුදල් අමාත්‍යංශට මහ බැංකුව රක්ෂණ සංස්ථාව සහ රාජ්‍ය බැංකු අහිමිව ගොස් තිබෙනවා. මහ බැංකුව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයට අයත් විෂයයක් වනවා. රාජ්‍ය බැංකු සහ රක්ෂණ සංස්ථාව අයත්ව ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතටය.

සීනී නිෂ්පාදනය කර්මාන්ත හා වාණිජ්‍ය අමාත්‍යංශයට මෙන්ම ඉඩම් අමාත්‍යංශයටද අයත් කටයුත්තක් වනවා. ඒ රටේ ඇති අනෙකුත් සීනී සමාගම් කර්මාන්ත හා වාණිජ්‍ය අමාත්‍යංශය යටතට පැවරෙද්දී කන්තලේ සීන් සමාගම ඉඩම් අමාත්‍යංශය යටතට පවරා ඇති හෙයිනි.

ගුවන්තෙටුපොල සහ ගුවන්සේවා සමාගම හා සිවිල් ගුවන්සේවා අධිකාරිය ප්‍රවාහන අමාත්‍යංශය යටතට පවරා තිබෙනවා.