(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුද්ගලයින් 100 දෙනෙකු සමඟ ගුවන් යානයක් කසකස්තානයේදී අනතුරට ලක්ව තිබේ.
ගුවන් තොටුපල බලධාරීන් පවසන්නේ බෙක් එයාර් ගුවන් යානය එරට වේලාවෙන් අද උදෑසන අල්මාටි ගුවන් තොටුපළෙන් ගුවන් ගත වී ටික වෙලාවකින් ගුවන් යානය කඩා වැටී ඇති බවයි.
හදිසි සේවා නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර මරණ 7 ක් තහවුරු වී තිබේ.
දිවි ගලවා ගත් අය බේරාගෙන ඇති බව ගුවන් තොටුපල පවසයි.
මෙම යානය අනතුරට ලක්කව ඇත්තේ කසකස්තානයේ විශාලතම නගරය වන අල්මාටි සිට එරට අගනුවර වන නර්සුල්තාන් දක්වා ගමන් කරමින් සිටියදී ය.
අල්මාටි ගුවන්තොටුපළ පැවසුවේ මගීන් 95 ක් සහ කාර්ය මණ්ඩලය පස් දෙනෙකු එහි සිටි බවයි.









