(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පිලිපීනයට ඇතිවී තිබෙන ෆැන්ෆෝ හෙවත් අර්සලා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 06 දෙනෙකු අතුරුදන් වී එරට ජන ජීවිතයට ද දැඩි බලපෑම් එල්ලකර තිබේ.
සුළි කුණාටුව හේතුවෙන් 20,000 ක් පමණ පීඩාවට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
පුද්ගලයින් දහස් ගණනක පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර , සුළි කුණාටුව හේතුවෙන් හටගෙන ඇති දැඩි වර්ෂාපතනයෙන් පස් කඳු කඩා වැටීම් සහ නාය යෑම් ද හටගෙන තිබේ.









