FAST NEWS

24×7 Around the Globe

එජාප-ශ්‍රීලනිපය දැඩි අර්බුධයක?

ඉදිරි පළාත් පාලන මැතිවරණය පවත්වන ආකාරය හා දිනය සම්බන්ධයෙන් ආණ්‌ඩුවේ එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය අතර මතභේදකාරී තත්ත්වයක්‌ හටගෙන තිබේ.

නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සකස්‌ කළ සීමා නිර්ණය වාර්තාව ඉකුත් රජය වැරදි සහගත ලෙස සකස්‌ කර ඇති බැවින් එය නිවැරදි කරන තෙක්‌ මෙවර පළාත් පාලන මැතිවරණය මනාප ක්‍රමය යටතේම පැවැත්විය යුතු බව එජාපයේ මතය වී තිබේ.

එහෙත් ශ්‍රීලනිපය පවසන්නේ සීමා නිර්ණය වාර්තාවේ ඇතැයි කියන අඩුපාඩු සකස්‌ කර නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය යුතු බවයි.

සකස්‌ කර ඇති සීමා නිර්ණ වාර්තාව ක්‍රියාත්මක කළහොත් එජාපයට දැඩි අවාසි සිදුවන බවට අගමැතිවරයා ද ඇමැති මණ්‌ඩලයේදී කරුණු දක්‌වා තිබේ.

පළාත් පාලන ආයතන 334 ක මැතිවරණය පැවැත්විය යුතු වෙයි.