(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් විසින් පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබා නොදුනහොත් පක්ෂයෙන් ඉවත් නොවී ඔහුගේ නායකත්වයෙන් යුත් වෙනත් සන්ධානයකින් මැතිවරණයට තරඟ කිරීම පිළිබඳව තීරණයක් ගෙන ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.
සජිත් හිතවාදී මන්ත්‍රීන්ගේ මෙන්ම ජනතාවගේ පිළිගැනීමට ලක්ව සිටින සුළු ජාතික පක්ෂ ගණනාවකගේ සහාය ද පක්ෂයේ පසුපෙළ හා ඉදිරිපෙළ නියෝජනය කරන මන්ත්‍රීන්ගේ සහයද මෙම සන්ධානය සඳහා ලැබීමට නියමිත බව වැඩිදුර වාර්තා සඳහන් කරයි.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සාර්ථක ප්‍රතිචාරයක් බහුතර මන්ත්‍රීන්ගේ ඉල්ලීමට නොදැක්වීම හේතුවෙන් මෙම විකල්පය තීරණය ගැනීමට ක්‍රියා කල බව ඔවුන්ගේ අදහසයි.









