FAST NEWS

24×7 Around the Globe

ජල විදුලි උත්පාදනය සීඝ්‍රයෙන් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකට බලපා ඇති අධික වැසි සහිත කාළගුණය හේතුවෙන් ගත වූ පැය 24 ක කාලය තුළ ජලය මගින් විදුලිය උත්පාදනය කිරීම 68.34 % දක්වා ඉහළ ගොස් ඇත.

විදුලි බලය උත්පාදනය කරන ජලාශ සියල්ලේම ජල ධාරිතාව සමස්තයක් ලෙස 94.55 % ඉක්මවා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.