FAST NEWS

24×7 Around the Globe

අයි.එස් සංවිධානය ඉරාකයේ නැවත සංවිධානය වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අයි.එස් සංවිධානය ඉරාකයේ නැවත සංවිධානය වන බවත් සිය බලය යළි ව්‍යාප්ත කරමින් සිටින බවත් කුර්දි සහ බටහිර බුද්ධි නිලධාරීන් අනතුරු අඟවා තිබේ. 

මේ හේතුවෙන් අයි.එස් ප‍්‍රහාර වැඩි වෙමින් පවතින බව ඔවුන් කියා සිටියේය.

ඔවුන් බී.බී. සී පුවත් සේවයට ප්‍රකාශ කරමින් සඳහන් කළේ අයි.එස්. සටන්කාමීන්ට වඩා හොඳ ශිල්පීය ක්‍රම, වඩා හොඳ උපක්‍රම සහ වැඩි මුදලක් ඔවුන් සතුව ඇති අතර ඔවුන්ට වාහන, ආයුධ, ආහාර සැපයුම් සහ උපකරණ මිලදී ගැනීමට හැකියාව පවතින බවයි.