FAST NEWS

24×7 Around the Globe

සැම මවිත කළ කෝලිගේ අපූරු නත්තල් තෑග්ග [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක වාසි සියලුම ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය , කොල්කටා නුවර පිහිටි ළමා නිවාසයක වෙසෙන දරුවන් වෙනුවෙන් ඉන්දීය සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක විරාත් කෝලි සිදුකළ අපූරු කි‍්‍රයාවක් වෙත එල්ල වී තිබේ.

නත්තල් සීයාගේ ඇඳුමින් සැරසී මෙම සුපිරි ක්‍රීඩකයා තෑගි භෝග රැසක් රැගෙන එම ළමා නිවාසයට පැමිණ ඇත්තේ කිසිවෙකුටත් තමන් හඳුනා ගැනීමට නොහැකි වන ආකාරයට වෙස් වලාගෙන වීම විශේෂත්වයකි.

ළමා නිවාසයේ සිටි දරුවන් සතුටු කිරීමෙන් අනතුරුව ඔහු එම දරුවන්ගෙන් විරාත් කෝලි හමුවීමට අවශ්‍යද යන්න විමසා තිබේ .

ඉන් අනතුරුව තමන් පැළඳ සිටි රැවුල සහ හිස් වැසුම ඉවත් කරමින් ඔහු ළමා නිවාසයේ සිටි දරුවන් සහ සෙසු පිරිස මවිත කර ඇත.

මෙම පුවතට ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානය යොමුව ඇති අතර මහත්වූ පැසසුමට ද ලක්ව තිබේ.