(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ අනවසර සංක්‍රමණිකයන් හට පුරවැසිභාවය ලබාදීමේ පනතට එරෙහිව විරෝධතා උත්සන්න වී තිබේ.
ඒ සඳහා සහභාගී වූ දහස් සංඛ්‍යාත පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පොලීසිය පනවා ඇති තහනම නියෝග නොතකා දස දහස් සංඛ්‍යාත පිරිස් ඉන්දියාවේ ප්‍රාන්ත රැසක විරෝධතාවලට සහභාගී වී ඇති බව සඳහන්.
මේ අතර ඉන්දියාවේ නගර රැසක අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමටත් බලධාරීන් කටයුතු කර ඇති අතර මෙය ලෝක ඉතිහාසයේ සිදුකළ බරපතළම අන්තර්ජාල තහනම ලෙස සැලකේ.
ඊයේ 8 වන දිනටත් ඉන්දියාවේ ප්‍රධාන නගර 13ක විරෝධතා පැවති බව වාර්තා වෙයි.









