(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමෙරිකානු ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගය සඳහා වන සෙනෙට් සභා ඡන්ද විමසීම අද (18) පැවැත්වීමට නියමිතව ඇත.
ලබන වසරේ අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඩොනල්ඩ් ට්රම්ප් යුක්රේනයේ උපකාර ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
අදාළ චෝදනාව මුල්කරගෙන ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එනු ලැබුවේය.
ඩොනල්ඩ් ට්රම්ප් අමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ දෝෂාභියෝගයකට මුහුණ දුන් තෙවන ජනාධිපතිවරයායි.
ඔහුට එරෙහි දෝෂාභියෝගය සම්මත කර ගැනීමට නම් සෙනෙට් මණ්ඩල ඡන්ද විමසුමේදී තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගත යුතු වෙයි.









