(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මියන්මාර නායිකා අවුන් සාන් සුකී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.
ඒ, රොහින්ග්‍යා සරණාගත ගැටළුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි.
මුස්ලිම් ආගමිකයන් වන රොහින්ග්‍යා සරණාගතයන් ඝාතනය කර පළවාහැරීම එනම් වාර්ගික සමූල ඝාතනය මියන්මාර රජයට එල්ලවී ඇති චෝදනාවයි.
ඉදිරිපත් කළ චෝදනා සියල්ල අසම්පූර්ණ සහ වැරදි සහගත වන බවත් එය මියන්මාරයේ අභ්‍යන්තර ගැටළුවක් බවත් කිසිවෙකු හෝ වැරදි සිදුකර ඇත්නම් ඊට දඬුවම් පැමිණවීමටද තමන් සූදානම් බවත් අවුන්සාන් සුඛී ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ඔවුන් පෙන්වාදෙන්නේ මියන්මාර බෞද්ධ රජය හමුදාවේ සහාය ලබමින් රොහින්ග්යාවරුන් ලක්ෂ 7 කට අධික පිරිසක් පමණ බංග්ලාදේශයෙන් පළවාහැර ඇති බවයි.









