(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කටුපොල් වගාවෙන් සිදුවන පාරිසරික හානි සහ ඒ නිසා ඇතිවන සෞඛ්‍ය තර්ජන ද සැලකිල්ලට ගෙන මෙම වගාව ශ‍්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට මූළික කටයුතු ආරම්භ කර ඇතැයි පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සඳහන් කරයි.
යම්කිසි සමාගමක් හිතුවක්කාරී ලෙස කටුපොල් වගාවේ නිරත වන්නේ නම් නීති විරෝධී එම ක්‍රියාව නතර කිරීමට පියවර ගන්නා ලෙස පොලිසියද දැනුවත් කෙරෙන බව ඔහු පැවසීය.
ඉවත් කරන කටුපොල් වගාව වෙනුවට විකල්ප බෝග හඳුන්වාදීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.







