(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මැතිවරණ පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කර ඇති විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට එරෙහිව විරෝධතාකරුවන් පිරිසක් පාගමනක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මෙම පා ගමන සඳහා පොලීසිය, නීතිඥයන්, ගුවන්තොටුපල කාර්ය මණ්ඩල මෙන්ම පාසල් හා ප්‍රවාහන සේවකයින්ද එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.









