FAST NEWS

24×7 Around the Globe

සිඩ්නි නුවරදී ත්‍රස්තවාදී සැකකරුවෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රස්ත ප්‍රහාරයක් සැළසුම් කිරීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී එරට පොලිසිය විසින් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

21 හැවිරිදි වියේ පසුවන මෙම තරුණයා ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක සාමාජිකයෙකු ද වන බව එරට ආරක්ෂක අංශ සදහන් කරයි.

වෙබ් අඩවිවල අදහස් පළ කිරීම සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ලන්ඩන් බ්‍රිජ් පාලම මත කළු සිකුරාදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සිය අනුගාමිකයෙකු විසින් සිදුකරන ලද බවට අයි.එස්. සංවිධානය පසුගියදා ප්‍රකාශ කිරීමෙන් දින දෙකකට පසුව මොහුව අත්අඩංගුවට ගෙන ඇත.