(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අභාවප්රාප්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය ඊයේ (04) රාත්රියේ දිවයිනට රැගෙන එනු ලැබූ අතර , දේහය බොරැල්ල ප්රදේශයේ මල් ශාලාවක තැන්පත් කළේය.
සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ඒ මහතා සිය ජීවිත ගමනට සමුදුන්නේය.
දේහය රත්නපුර, ගොඩකවෙල ප්රදේශයට රැගෙන යාමට නියමිත අතර, අවසන් කටයුතු ලබන ඉරිදා ගොඩකවෙලදී සිදුකිරීමට නියමිතය.
1962 වසරේ මැයි මස 03 වැනිදා උපත ලද රංජිත් ද සොයිසා මහතා අභාවප්රාප්ත වන විට 57 වන වියේ පසුවිය.








