FAST NEWS

24×7 Around the Globe

අභාවප්‍රාප්ත රංජිත් ද සොයිසාගේ අවසන් කටයුතු ඉරිදා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අභාවප්‍රාප්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය ඊයේ (04) රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබූ අතර , දේහය බොරැල්ල ප‍්‍රදේශයේ මල් ශාලාවක තැන්පත් කළේය.

සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා සිය ජීවිත ගමනට සමුදුන්නේය.

දේහය රත්නපුර, ගොඩකවෙල ප‍්‍රදේශයට රැගෙන යාමට නියමිත අතර, අවසන් කටයුතු ලබන ඉරිදා ගොඩකවෙලදී සිදුකිරීමට නියමිතය.

1962 වසරේ මැයි මස 03 වැනිදා උපත ලද රංජිත් ද සොයිසා මහතා අභාවප‍්‍රාප්ත වන විට 57 වන වියේ පසුවිය.