ජාතික ආණ්ඩුවේ අමාත්‍යංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (22) ප්‍රකාශයට පත් කෙරුණා.
අමාත්‍යංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීම ප්‍රමාද වීම නිසා අමාත්‍යංශ රැසක කටයුතුවලට බාධා එල්ල වී තිබුණා.
ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පළමුව ගැසට් කෙරුණු අතර ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නාමලේඛනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරුණා.
අමාත්‍යංශ ලේකම්වරුවන්ගේ නාම ලේඛනය ද මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා. එ් අනුව අද මුද්‍රණය කෙරෙන අමාත්‍යංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන්ට අදාළ ගැසට් නිවේදනය අද දිනයේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එම සම්පූර්ණ ගැසට් පත්‍රය පහතින් බලන්න





































































