(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර කි‍්‍රකට් සම්මාන උළලේදී වසරේ කි‍්‍රකට් කී‍්‍රඩකයා සඳහා සම්මානයක් පිරිනැමීම සිදු නොකිරීම කාගේත් කතාබහට ලක් වූ කරුණක් විය.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධාන කෙරෙන ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සම්මාන රාති‍්‍රය ඊයේ (03) දිනයේදී පැවැත්වුණේය.
එහිදී කාන්තා අංශයෙන් සම්මාන 4 ක් දිනා ගත් චමරි අතපත්තු වසරේ කි‍්‍රකට් කී‍්‍රඩිකාව, වසරේ දක්ෂතම එක්දින පිතිකාරිණිය, වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් කී‍්‍රඩිකාව සහ වසරේ දක්ෂතම 20 යි 20 පිතිකාරිණියන යන සම්මානවලින් පිදුම් ලැබුවාය.
මේ වනවිටත් ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන ප‍්‍රාන්ත කි‍්‍රකට් තරඟාවලිය එක්ව සිටීම හේතුවෙන් මෙලෙස සම්මාන 04 කින් පිදුම් ලැබුවද චමර අතපත්තුට එම වටිනා අවස්ථාවට සහභාගිවීමේ අවස්ථාව නොලැබුණි.
ලසිත් මාලිංග එක්දින සහ විස්සයි 20 තරග අංශයන්හි දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානයෙන්ද තිසර පෙරේරා දක්ෂතම තුන් ඉරියව් එක්දින කී‍්‍රඩකයා සහ දක්ෂතම විස්සයි-20 පිතිකරු යන සම්මානවලින් ද පිදුම් ලැබුවේය.
මෙම සම්මාන උළලේදී වසරේ ටෙස්ට් පිතිකරුට හිමි සම්මානය දිමුත් කරුණාරත්න විසින් දිනා ගත්අතර දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා සහ තුන් ඉරියව් කී‍්‍රඩකයාට හිමි සම්මාන පිළිවෙළින් හිමි කර ගත්තේ දිල්රුවන් පෙරේරා සහ ධනංජය ද සිල්වායි.
එක්දින තරග අංශයේ දක්ෂතම පිතිකරුවා ලෙස කුසල් ජනිත් පෙරේරා ද විස්සයි 20 තරග අංශයේ දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා ලෙස ඉසුරු උදාන ද සම්මාන දිනා ගත්තේය.
නැගී එන කී‍්‍රඩකයාට හිමි සම්මානය පැතුම් නිස්සංක දිනා ගත් අතර එම සම්මානය ලබා ගැනීම සඳහා ඔහුට වේදිකාවට පැමිණීමට අවකාශ හිමි නොවූයේ ඔහු මේ වන විට නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට එක්ව සිටීම හේතුවෙනි.

















