ළමා හිංසනයන් ඇතුළු බරපතල අපරාධ සදහා මරණ දඬුවම නැවත කි‍්‍රයාත්මක කළයුතු බවට මේ වනවිට සමාජ කථිකාවක් පවතිනවා.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසුවේ මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට තමන්ගේද අකමැත්තක් නොමැති බවයි.
කෙසේවෙතත් ඊට අදාළව පාර්ලිමේන්තුවේද අදහස් විමසා සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කියාසිටියේ මරණ දඬුවම ලබාදීමෙන් අපරාධ වළක්වාලිය නොහැකි බවයි.
කෙසේවෙතත් මරණ දඬුවම ලබාදීම සදහා ජනාධිපතිවරයා අදහස් කරන්නේ නම් ඒ සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවන අතර ඒ සඳහා පූර්ණ බලය ජනාධිපතිවරයා සතුව ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මෙහිදී කියාසිටියා.
ඒ අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබුනොත් එය ලබන සතියේ සිට ක්‍රියාත්මක කර මරණ දඬුවම නියම වූ පුද්ගලයින් දහය බැගින් මාස තුනක් ඇතුළට සියලු පුද්ගලයින්ට මරණ දඬුවම දිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.








