(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උතුරුදිග චිලී රාජ්‍යයේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයන් විසි එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වි තවත් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ චිලී රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයකදී ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස මීටර් 40ක් පමණ පහළ ප්‍රපාතයකට ඇදවැටී ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ බසය තුළ මගීන් 50කට වැඩි පිරිසක් සිට ඇති අතර තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
කෙසේ නමුත් බස් රථය අනතුරට පත්වීමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණ වී නොමැත.









