FAST NEWS

24×7 Around the Globe

දේවස්ථානයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 14 ක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බර්කිනා ෆාසෝ හි දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඊයේ (01) නැගෙනහිර හන්ටුකුරාහි දේවස්ථානයේ ඉරිදා දේව මෙහෙය අතරතුර දේවස්ථානයට කඩාවැදුනු නාදුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් දේවස්ථානය තුළ සිටි පිරිස වෙත වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම වෙඩිතැබීමෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩි තැබීමට හේතුව පිළිබඳවද මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.