ආසියාවේ පන්දු රැකීමේ දුර්වලම කණ්ඩායම ශ‍්‍රී ලංකාව බව තාවකාලික ක‍්‍රිකට් පුහුණුකරු ජෙරම් ජයරත්න පවසනවා.
ඔහු සඳහන් කරන්නේ පන්දු රැකීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව කිසිදිනෙක පාකිස්තානයට පිටුපසින් නොසිටි බවයි. එහෙත් දැන් ඔවුන් ශ‍්‍රී ලංකාව අභිබවා ගොස් ඇතැයි ද ජෙරම් ජයරත්න පවසනවා.
ඉන්දියාව සහ බංග්ලාදේශය ද ශ‍්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින බව ඔහු පෙන්වා දෙනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතාව විශාල ගැටළුවක් බවයි ජෙරම් ජයරත්න සඳහන් කරන්නේ.
කෙසේවෙතත් ලබාදී ඇති කාලසීමාව තුළ සිය ඉලක්ක සපුරා නොගත හොත් ක‍්‍රීඩකයින්ට පෞද්ගලිකව ගැටළුවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඔහු පවසනවා.






