FAST NEWS

24×7 Around the Globe

ලන්ඩන් බ්‍රිජ් සිදුවීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියයයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලන්ඩන් නුවර ඊයේ (29) ‘ලන්ඩන් බ්‍රිජ්’ පාලම මතදී සිදු වූ පිහි ඇනුමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මරණයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ එම ප්‍රහාරකයා  28 හැවිරිදි උස්මාන් ඛාන් නමැති අයෙක් බවට හඳුනාගෙන ඇති බවයි.

ලන්ඩන් පාලම මත පිහිඇනුමක් සිදුකළ පුද්ගලයා ත්‍රස්තවාදී චෝදනා මත සිරගත කර සිටි පුද්ගලයෙක් බවට අනාවරණය වේ.

ජනතාව ප්‍රහාරකයාව වැළැක්වීමට කටයුතු කර තිබූ අතර අනතුරුව පොලිස් වෙඩි පහරින් ප්‍රහාරකයා මරණයට පත්වුණි.

ජනතාවගේ නිර්භීත ක්‍රියාකලාපය අගමැති බොරිස් ජොන්සන්ගේ ඇගයීමට ලක්ව ඇත.