FAST NEWS

24×7 Around the Globe

ඉරාක අගමැති තම ධුරයෙන් ඉල්ලා අස්වන බවට තීරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් එරට වත්මන් පාලනයට දැඩි පීඩනයක් එල්ල වීමත් සමඟ ඉරාක අගමැති ආදෙල් අබ්දුල් මහදි සිය තනතුරින් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

නව රජයක් තෝරා ගැනීමට නීති සම්පාදකයින්ට ඉඩ දීම සඳහා තමාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව අගමැතිවරයා පවසයි.

ඔහුගේ කාර්යාලය නිවේදනය කළේ ඉරාකයේ ඉහළම ශියා මුස්ලිම් පූජකවරයා වන අලි අල් සිස්තානි විසින් නායකත්වය වෙනස් කරන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස අගමැතිවරයා මෙම තීරණයට එළඹි බවයි.

කෙසේ වෙතත් අස්වන දිනයක් සම්බන්ධව නිවේදනයේ සඳහන් කර නැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.