කාමර කුලියට දෙන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා ව්‍යාපාරයක් වැටලීමට තංගල්ල විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය සමත් වී ඇත.
හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ගණිකා ව්‍යාපාරය වටලා ඇත්තේ පොලිස් උපාය ධුතයෙක් යොදවා කාන්තාවක් එම ස්ථානයෙන් රුපියල් දෙදෙහසකට කුලියට ලබාගැනීමෙන් පසුවයි.
වයස අවුරුදු 27 ක බදගිරිය ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවත් මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර පාරිභොගිකයින්ට අවශ්‍ය වූ විට දී දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුව කාන්තාවන් මෙම ස්ථානයට පැමිනෙන බවයි පොලීසිය සඳහන් කර ඇත්තේ.
ප්‍රසිද්ධ ස්ථානයක මෙවැනි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයා ද අදාළ කාන්තාව ද, අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා හම්බන්තොට පොලීසියට භාර දී ඇති බව විශේෂ වැටලීම් ඒකකය පවසයි.
වීඩියෝව පහතින් නරඹන්න.
[youtube url=”https://www.youtube.com/watch?v=DyPDGsWOvRA” width=”560″ height=”315″]








