(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුදල් විශුද්ධිකරණ චෝදනාවකට වරදකරු වීම නිසා මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට එරෙහිව එරට අධිකරණයක් මගින් වසර 5 ක සිරදඬුවමක් නියම කර තිබේ.
සිර දඬුවමට අමතරව ඔහුට අමෙරිකානු ඩොලර් මිලියන 5 ක දඩයක් ද නියම කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.









