කෙනෙකු නිවාඩු පාඩුවේදී ඇති පදමට නිදා ගන්නා අතර තවත් අයෙකු සිය නිවාඩුව පවුලේ උදවිය සමග ගත කිරීම සඳහා යොදා ගනු ලබනවා.
මේ ආකාරයේ විවිධාකාර දේවල්වල නිරත වන අතර ඇතැමෙක් තම රැකියාවේ හෝ කරනු ලබන ව්‍යාපාරයේ මුහුණ පා සිටින මානසික ආතතියෙන් තාවකාලිකව ගොඩ ඒම සඳහා .නයිට් ක්ලබ් එකකට ගොඩවනවා.
නයිට් ක්ලබ් හෙවත් රාත්‍රී සමාජ ශාලා යෑයි කියූ විට නිරන්තරයෙන්ම අපගේ මනසට පැමිණෙන්නේ සල්ලිකාර දෙමව්පියන්ගේ, හෝ දේශපාලනඥයන්ගේ නොසන්ඩාල දරුවන් හෝ එසේත් නොමැති නම් අසාධාරණයෙන් මුදල් උපයාගන්නන්ගේ ගොඩට වැටෙන පාතාල සාමාජිකයන් ගැවසීම සඳහා යොදාගන්නා සමාජ ශාලාවක් ලෙසයි.
එහි වපසරිය එවන් තත්ත්වයක වුවත් නයිට් ක්ලබ් හෙවත් රාත්‍රී සමාජ ශාලා මේ වන විට බහුතරයක් තරුණ පිරිස් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.
ලිපිය ආරම්භයේදීම රාත්‍රී සමාජ ශාලා පිළිබඳව සටහන් තැබුවේ මෙම ලිපියේ කථා නායකයා නයිට් ක්ලබ් දිවියට එසේත් නැතිනම් රාත්‍රී සාදවලට බෙහෙවින් ප්රියකරන්නකු වීම හේතුවෙන්.
ඔහු රාත්‍රී සාද වලට එසේත් නැතිනම් නිරුවතින් කාන්තාවන් නර්තනයේ යෙදී සිටින රාත්‍රී සමාජ ශාලාවන්ට කෙතරම් ප්‍රිය කරන්නෙක්ද යත්, එවැනි සමාජ ශාලාවක රැගුම් ස්ථානයක් තම නිවසේ ද ඉදිකරන්නට තරම් ඔහු උන්මත්තකයෙක් බවට පත්වී තිබෙනවා.
ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල් නොහොත් කවුරුත් හොඳින්ම දන්නා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් එම උන්මත්තකයායි.
ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙසින් නමක් දිනා සිටින ක්‍රිස් ගේල් සාදවලට ප්‍රිය කරන්නෙක් යෑයි ක්‍රිකට් ක්‍රීඩාව නරඹන බොහෝ දෙනා දන්නා කරුණක්.
ක්‍රීඩාවේ නියෑළෙන අතරතුරදී යම් යම් නර්තන අවස්ථා විදහාපාමින් සිය සෙල්ලක්කාර දිවිය පිළිබඳ ඉඟි ලබාදෙන්නකු බවට ප්‍රචලිත ගේල් අලුතින්ම සිදු කර ඇති කාර්යය බවට පත්වී තිබෙන්නේ ජැමෙයිකාවේ ඉදිකරන ලද නව නිවසෙහි නිරුවත් නලඟනන්ට නර්තනයේ යෙදිය හැකිවන පරිදි වූ නයිට් ක්ලබ් එකක් නිර්මාණය කිරීමයි.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් යනු සහජයෙන්ම නැටුමට විනෝදයට මුල්තැන දෙන්නන් වන අතරම ක්‍රිකට් ක්‍රීඩාවෙන් පිටතදී ඔවුන් මාන බලන්නේ කෙසේ හෝ විනෝදකාමී ලෙස සිය කාලය ගත කිරීමටයි.
ගේල් ප්රමුඛ ඔවුන්ගේ කණ්ඩායමේ සගයින් ඔවුන් ක්‍රීඩා පිටියෙන් පිටතදී කෙතරම් විනෝදයෙන් සිටිනවාද යෑයි නිරන්තරයෙන්මල සමාජ වෙබ් අඩවි හරහා මුදා හැරෙන ඔවුන්ගේ ජයාරූප සහ වීඩියෝ දර්ශන වලින් දැකගතහැකිවනවා.
මෙහිදී ගේල් සිය රටේ සගයන්ගේ මෙන්ම සෙසු රටවල ක්‍රීඩකයන් හැසිරෙන තත්ත්වයට වඩා වෙනස්ම තලයකට රැගෙන ගොස් තිබෙනවා.
සිය නිවස තුළ ඉදි කරන ලද නයිට් ක්ලබ් එක පිළිබඳව සමාජ වෙබ් අඩවියක් ඔස්සේ ඡායාරූප සහිතව ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩෙවියේ පළ කිරීමත් සමග ගේල්ගේ විනෝදාත්මක දිවිය තවත් පුළුල් පරාසයකට රැගෙන යන්නක් බවට පත්ව තිබෙනවා.
තවමත් තිස්පස් වැනි වියේ පසුවන ගේල්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි තුන් ලක්ෂ නවදාහක් වන රසිකයන් පිරිසක් සිටින අතර එහිදී ඔවුන් විසින් ගේල් ලෝකයේ ලොක්කා (වර්ල්ඩ් බොස්) වශයෙන් හඳුන්වනු ලබනවා.













