FAST NEWS

24×7 Around the Globe

විශ්මිතයි!!!! හිස් බද්ධ කිරිමේ ඓතිහාසික පළමු සැත්කම චීනයේදී.

ලොව පළමු මිනිස් හිසක් බද්ධ කිරිමේ සැත්කම සඳහා ඉතාලි ජාතික වෛද්‍ය සර්ජියෝ කැනවෙරෝ සහ ඔහුගේ චීන සගයා වන වන රෙන් ෂියා ඕපින් සුදානම් වෙමින් සිටි.

2017 වසරේ දෙසැම්බර් මාසයේදී මෙම සැත්කම සිදුකිරීමට අරමුණු කරන බව පැවසේ. 2013දී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය හිස ලබාදීමට ඉතාමත් දුර්ලභ රෝගයක් වන වර්ඞ්නිග් හොෆ්මාන් රෝගයෙන් පෙළෙන රුසියානු ජාතික වැලරි ස්පිරිඩොනොව් විසින් කැමැත්ත පළ කර ඇත.

තමන් සමග චීන සහයකයෙක් සිටීම පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍ය කැනවෙරෝ පවසා ඇත්තේ චීනයට නොබෙල් ත්‍යාගය ලබාගැනීමට අවශ්‍ය බැවින් ඔවුනට මේ සඳහා සහභාගී වීමට අවශ්‍ය වූ බවයි.

තමන් විද්‍යාත්මක බලයක් ලෙස පෙන්වීම මීළග අභ්‍යවකාශ තරගය බවට පත්ව ඇති බව ඔහුගේ අදහසයි.

කෙසේවෙතත් ස්පිරිඩොනොව්ගේ හිස බද්ධ කරන ශරීරය කවරෙකු විසින් ලබාදෙන්නේ දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

එම ශරීරයේ හිස හා ස්පිරිඩොනොව්ගේ හිස තියුණු තලයකින් කපා වෙන් කරනු ඇති අතර ඉන්පසු අදාළ ශබ්රයට ජෛව මැලියම් හා මැහුම් භාවිතයෙන් හිස සවි කරනු ඇත.

ඉන්පසු මාසයක කාලයක් එම ශරීරය කෝමා තත්වයක පවත්වාගෙන යනු ඇතැයි පැවසේ. මෙම සැත්කම සඳහා පැය 36ක් ගතවනු ඇති අතර ඩොලර් මිලියන 11ක් වැය වනු ඇතැයි ගණන් බලා තිබේ.