FAST NEWS

24×7 Around the Globe

එක්නැලිගොඩ සහ තාජුඩීන්ගේ ඝාතන විමර්ශන වලට දැඩි බලපෑම්.

ප්‍රදීප් එක්නැලිගොඩ සහ වසීම් තාජුඩීන් ඝාතන විමර්ශන සදහා හමුදාවේ ඇතැම් පාර්ශව වලින් අපරාධ පරීක‍්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිළධාරීන්ට බලපෑම් එල්ල වන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.

වසීම් තාජුඩීන් ඝාතන විමර්ශනයේ වැදගත් සාක්ෂිකරුවෙකුට පවා මේවන විට තර්ජන එල්ලවී ඇති බවත් එම තර්ජන එල්ලකර ඇත්තේ ජනපති ආරක‍්ෂක අංශයේ හිටපු හමුදා ආරක‍්ෂක භටයින් කිහිප දෙනෙක් බවටත් අපරාධ පරීක‍්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග අනාවරණය කළේය. ඒ අය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන අතර ඉදිරි දින කිහිපය තුළ ඔවුන්ව අත්අඩංගුවට ගැනීමටද නියමිතව ඇත.

මෙම විමර්ශන සදහා හමුදාවේ ඇතැම් නිළධාරීන්ගේ එල්ලවන බලපෑම නතර නොවුණහොත් ඒ බව අධිකරණයට දැනුම් දීමට සිදුවන බව අපරාධ පරීක‍්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් හමුදා ප්‍රධානීන්ට දැනුම් දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.