FAST NEWS

24×7 Around the Globe

සේයා වෙනුවෙන් ළමා අපචාර වලට එරෙහිව සංවේදී ගීතයක්..(වීඩියෝ)

ලිංගික අපයෝජනයට ලක් කර මරා දැමූ කොටදෙණියාව, බඩල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි සේයා සඳෙව්මි නැමැති වයස අවුරුදු හතරහමාරක් වන දැරියගේ ඝාතනයෙන් පසුව නැවත වරක් ළමා අපචාරවලට එරෙහි රැල්ලක් මතුව තිබේ.

ඒ අනුව ළමා අපචාර වලට එරෙහිව සංවේදී ගීතයක් ද නිර්මාණය කර තිබේ.

මේ ගීය ළමා හා කාන්තා කාර්යාංශය හා යුනිසෙෆ් ආයතනය හා එක්ව රූප රචනයක් සහිතව නැවත පටිගත කිරීමටද සැලැසුම් කරමින් සිටින බව වාර්තා වේ.

මේ හරහා සංවේදී කොටස් ළමා අපචාර වලට එරෙහිව පෙළ ගැස්වීමට තමන් බලාපොරොත්තු වන බව ගීතයේ පද රචක මාධ්‍යවේදී තිළිණ අලහකෝන් මහතා මාධ්‍ය වැඩමුළුවකදී අදාල ගීය ප්‍රචාරය කරමින් කියා සිටියේය.

මේ ගීතය ගයන බුද්ධික චිරාත් පියවර්ධන ද මෑත කාලයේ ජනප්‍රියවෙමින් වෙමින් පවතින ගීත කිහිපයක් නිර්මාණය කරමින් ඉදිරියට පැමිණෙන නවක ගායකයෙකි.

(ඔහුගේ ගීතය පහනින් බලන්න)

[youtube url=”https://www.youtube.com/watch?v=7ehy4rpg20w” width=”560″ height=”315″]