(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලන්ඩන් නුවර ආසන්නයේ දී ට්‍රක් රථයකින් සිරුරු හමුවූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 39 දෙනාම වියට්නාම ජාතිකයින් බවට දැන් සැක මතුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඔවුන් සියළු දෙනා චීන ජාතිකයන් ලෙසයි මුලින් විශ්වාස කෙරුණි.
නමුත් පසුගියදා බෙල්ජියම හරහා ට්‍රක් රථයකින් එංගලන්තයට යාමට උත්සාහ කිරීමේදී අතුරුදන් වූ වියට්නාම ජාතිකයින් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.
පසුව සිදුකළ විමර්ඔශන්වු වලින් පසු මොවුන් සියළු දෙනාම වියට්නාම ජාතිකයින් විය හැකි බවට සැක මතුව තිබේ.
ඔවුන්ගේ සිරුරු පසුගිය 23 වන දා හමුවූ අතර, එහි රියදුරු උතුරු අයර්ලන්ත ජාතික 25 හැවිරිදි මොරිස් රොබින්සන්ට එරෙහිව මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල විය.
වියට්නාම පොලීසිය සදහන් කළේ මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ දෙදෙනෙකු එරටින් ද අත්අඩංගුවට ගත් බවයි.









