FAST NEWS

24×7 Around the Globe

අමෙරිකාවට ISIS සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් – බග්ඩාඩි මිය යාමත් සමඟ එම සංවිධානයේ නව ප්‍රකාශක හඬ පටයක් නිකුත් කරමින් ඇමරිකාවට අනතුරු අඟවා තිබේ.

ත්‍රස්ත සංවිධානයේ නව ප්‍රකාශක අබු හම්සා අල් කුරේෂි පැවසුවේ බග්ඩාඩිගේ මරණයේ පලිය ගන්නා බවයි.

එම හඬ පටයේ ඩොනල්ඩ් ට්‍රම්ප් උමතු මහල්ලෙක් බවත් නව නායක අබු ඊබ්‍රාහීම් අල්-හෂමි අල්-කුරේෂි ට අවනතව කටයුතු කරන ලෙසට මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටි බවත් සඳහන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව පසුගියදා අබු ඊබ්‍රාහීම් අල්-හෂමි අල්-කුරේෂි (Abu Ibrahim al-Hashemi al-Qurashi) සිය නව නායකයා ලෙස නම් කිරීමට අයි.එස් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය පියවර ගත්තේය.