නව ආණ්ඩුව පත්ව දැනට මාසයක පමණක් කාලයක් ගතව ඇත.
නව අමාත්‍ය මණ්ඩලයද පත්වද යම් කාලයක් ගතව ඇති මුත් අලුතින් පත් කරන ලද ඇමතිවරුන්ට අදාළ විෂය පථයන් සම්බන්ධයෙන් රජයේ ගැසට් පත්‍රයක් නිකුත් නොකලේ මන්දැයි ටිව්ටර් පණිවිඩයක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විමසා සිටියි.
එම ටිවිටර් පණිවිඩය පහතින්

එසේම මත්තල ගුවන්තොටුපල සම්බන්ධයෙන්ද ඔහු අදහස් පල කර තිබුනි.එම ටිවිටර් පණිවිඩය පහතින්….
ශ්‍රී ලංකාවට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළක අවශ්‍යතාව ජනතාව තේරුම්ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපකෂ මහතා කියයි.
අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානයක් ඊයේ (16දා) මත්තලට ගොඩබැස්ස වූ අතර ඒ පිළිබඳව සිය ටිවිටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.
එසේම නව රජය මෙය විනාශ කොකරනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු පවසයි.









