(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විජය කුමාරතුංග සහ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පුත් විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙන ඒමේ සැලසුමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමේ තීරණය, නොබෝ දිනකින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධානයේ සමුළුවේදී ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
එම සමුළුව මේ මස 5 වන දින පැවැත්වීම නියමිතය.
එහිදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධානයේ සම-සභාපතිවරුන් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පත් කිරීමට නියමිත බවත් තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.









