(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් – බග්ඩාඩි මිය ගිය බව ඊයේ (31) එම සංවිධානය විසින් ප්‍රථම වරට පිළිගෙන තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඔවුන්ගේ නව නායකයා ලෙස අබු ඊබ්‍රාහිම් අල් – හෂෙමි අල් කුරාෂි පත් කළ බවයි.
ඇමරිකානු හමුදා සිරියාවේදි දියත් කළ මෙහෙයුමකදී අයි.එස්. නායක බග්ඩාඩි මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් පුපුරුවා ගනිමින් මිය ගිය බව ඇමරිකානු ජනපති ට්‍රම්ප් පසුගියදා පැවසුවේය.
පසුගියදා ඝාතනයට ලක්වූ අයි. එස්. නායකයාට අමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධ වීඩියෝවක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට පෙන්ටගන් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුරදී අමෙරිකාව කටයුතු කළේය.









