(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජපානයේ ඔකිනාවා නගරයේ පිහිටා ඇති ඓතිහාසික ශුරි මාලිගාවේ අද (31) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එරට මාධ්‍ය වාර්තා කළේ මෙම ගින්න මෙතෙක් මැඬපවත්වා නොමැති බවයි.
ගින්නෙන් ප්‍රධාන ගොඩනැගිල්ල මෙන්ම මාළිගාවේ උතුරු හා දකුණු කොටස් විනාශ වී තිබේ.
වසර 500ක් ඉපැරණි මෙම දැවමය මාළිගාව 1933 දී ජපානය ජාතික වස්තුවක් ලෙස නම් කෙරු අතර යුනෙස්කෝ සංවිධානය විසින් මෙය ලෝක උරුමයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබේ.









