FAST NEWS

24×7 Around the Globe

මංගලගේ ජිනීවා කතාවට දෙමළ සන්ධානයෙන් දෝෂාරෝපණ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශය ‘පැනි තැවරූ ගුලියක්’ බවට දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

ඔහු මෙම ප්‍රකාශය කර ඇත්තේ 15 අගහරුවාදා දින නීර්වේලී පිහිටි ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදීය.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා, 14 වන සදුදා දින ජිනීවා හිදි පැවති මානව හිමිකම් සැසිවාරයේදී කළ ප්‍රකාශයේදී උතුරින් හමුදාව ඉවත්කිරීම සහ අවතැන් ජනතාව යළි පදිංචි කරවීම සම්බන්ධයෙන් කරුණු කිසිවක් සදහන් කර නොමැති බව ඔහු පවසා තිබේ.

හමුදාව ලක්‍ෂ එකාහමාරක් පමණ උතුරු පළාතේ ස්ථානගතවී ඇති නිසා දෙමළ ජනතාව හමුදා පාලනයක් තුල තබා ඇති බව ප්‍රකාශ කර ඇති සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා, ජනවර්ග අතර සංහිදියාවක් ඇති කිරීමට නම් විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ සිටින හමුදාව ඉවත්කර, දෙමළ ජනතාවට ඔවුන්ට අයත් ඉඩම් නැවත ලබාදිය යුතු බවට අවධාරණය කර තිබේ.

ජාතික රජයක් පිහිටුවා මාස 09ක් ගත වී ඇතත් දෙමළ ජනතාවගේ විශ්වාසය ඇතිවන අන්දමින් කිසිවක් සිදුකර නැති බවද ඔහු සදහන් කර ඇත