FAST NEWS

24×7 Around the Globe

ඉතිහාසයේ කිසිදු රටකට නොකල දෙයක් මානව හිමිකම් කවුන්සිලය ලංකාවට එරෙහිව සිදු කරයි.

එක්‌සත් ජාතීන්ගේ සාමාජික රටක්‌වූ ශ්‍රී ලංකාවට එරෙහිව කැලම් මැක්‌රේ නිපදවූ “ජස්‌ටිස්‌ ෆෝ සර්ච්” චිත්‍රපටය මානව හිමිකම් කවුන්සිල ශාලාවේ තිරගත කිරීමට එකී කවුන්සිලය අවසර දී ඇත.

මෙම චිත්‍රපටය තිරගත කිරීමට ඉඩදීම තුළින් කවුන්සිලයට පැමිණෙන විදේශ තානාපතිවරුන්ට දැඩි බලපෑම් එල්ල කිරීමට මැක්‌රේ ඇතුළු කණ්‌ඩායම සැලසුම්කර තිබේ.

මෙයට පෙර කිසිදු රටකට එරෙහි චිත්‍රපටයක්‌ කවුන්සිල ශාලාවේදී තිරගත කිරීමට ඉඩදී නොතිබිණි.

මෙය පිටස්‌තරයන් පිරිසකගේ නිර්මාණයකි. එය කවුන්සිල ශාලාවේ තිරගත කිරීමට ඉඩදීම වැරදියි යයි තානාපති ආරංචි මාර්ග පැවැසීය.

මෙම චිත්‍රපටයෙන් ශ්‍රී ලංකාවට දඬුවම් කරන ලෙස ඉල්ලා ඇත.