පසුගිය 10 වැනිදා ජනපති ආරක්ෂක අංශයට අයත් ඩිෆෙන්ඩර් රිය අනතුරට ලක් වූ ස්ථානයේ දී එම අනතුරින් මියගිය අයට පින් පැමිණවීමේ හත් දවසේ දානමය පිංකමක් අද (16) පැවැත්විණ.
මිනුවන්ගොඩ යාගොඩමුල්ලේ ප්රදේශවාසීන් විසින් මෙම පිංකම සංවිධානය කර තිබූ අතර මාර්ගය අයිනේ කූඩාරමක සාංඝික දානය දී සිදු කළ මෙම පිංකමට ජනපති ආරක්ෂක අංශයද සහභාගී විය.
අනතුරින් තුවාල ලැබූ අයට ඉක්මන් සුවය පැතීමද එහිදී සිදු කෙරිණ.








