(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ මස 27 වනදා ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය වෙනුවෙන් ලසිත් මාලිංග, කුසල් මෙන්ඩිස් , කුසාල් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල එක්වන බවට වාර්තා වේ.
නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය , ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණරත්න ඒ සඳහා එක්වීමට අපේක්ෂා කළ ජේෂ්ඨ ක්රීඩෂාකයෝ වෙති.
ලසිත් මාලිංග , කුසල් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල ආරක්ෂක හේතූන් මත ද කුසල් මෙන්ඩිස් ආබාධ තත්වයක් හේතුවෙන් පාකිස්තානයට එරෙහි තරඟ මාලාව වර්ජනය කර තිබිණි.
කෙසේ වුවත් පකිස්තානු සංචාරයෙන් පසුව ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ක්‍රීඩකයින් තොරා ගැනීමේදී සියලු දේ පිළිබඳව වඩාත් සැළකිල්ලට භාජනය වී තිබීම විශේෂත්වයකි.
මේ නිසාවෙන් සංචිතයෙන් ඉවත් විය හැකි යයි සිතිය හැකි ක්‍රීඩකයින් ලෙස කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අඛිල ධනංජය , ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණරත්න දැක්විය හැකිය.
තවද ඕස්ට්‍රේලියාවට යාමට අපේක්ෂා කරන ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම ලෙස ලසිත් මාලිංග (කණ්ඩායම් නායක), දසුන් ශානක, ධනුෂ්ක ගුණතිලක, කසුන් රාජිත, ඉසුරු උදාන, අවිෂ්ක ප්‍රනාන්දු, ලහිරු කුමාර, ලක්ෂන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය, කුසල් මෙන්ඩිස්, ඕෂද ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල දැක්විය හැකිය.
මෙම කණ්ඩායම ශ්‍රී ලංකා අනාගත විස්සයි විස්ස කණ්ඩායම වනු ඇතැයි සියලු දෙනාගේ අපේක්ෂාවයි.









