FAST NEWS

24×7 Around the Globe

රොෂාන් මහානාම හදිසියේ ඉවත්වුනේ ඇයි?

ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග තීරක රොෂාන් මහානාම මෙම වසර අවසානයේදී සිය ධූරයෙන් ඉවත්වන බවට අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලයට නිවේදනයක් නිකුත් කරමින් ඔහු ඊයේ පැවසිය.

හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක රොෂාන් මහානාම, වසර 12ක් අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිල තරග තීරකවරයෙකු ලෙස කටයුතු කළේ ය.

2004 වසරේදී ජාත්‍යන්තර තරග තීරකවරයෙකු ලෙස එක් වූ රොෂාන් මහානාම ටෙස්ට් තරග 58ක්, එක්දින ජාත්‍යන්තර තරග 222ක් සහ පන්දුවාර 20යි 20 තරගර 35කදී තරග තීරකවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

ඒ අතර ලෝක කුසලාන තරගාවලි තුනක් සහ 2009 වසරේ අයි.සී.සී. චැම්පියන්ස් තරගාවලියේද තරග තීරකවරයෙකු ලෙස රොෂාන් මහානාම කටයුතු කර තිබෙනවා.

සිය පවුලේ සාමාජිකයන් සමග කාලය ගත කිරීමට අවශ්‍යවීම සහ ව්‍යාපාරික කටයුතු හේතුවෙන් රොෂාන් මහානාම සිය ධූරයෙන් ඉවත්වීමට අවසර ඉල්ලා ඇති බවටයි ඔහු විසින් නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ.

නමුත් ඔහුගේ මෙම ඉවත් වීම පසු පස තවත් නොකියවුන කතා බොහොමයක් ඇති බවයි සදහන් වෙන්නේ.ඒ අතර ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහල තනතුරකට හෝ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර ධුරය ඉදිරියේ ඔහුට හිමිවනු ඇති බවටද යම් රාවයක් පැතිර යනවා.