FAST NEWS

24×7 Around the Globe

බත්තරමුල්ලෙන් සුපිරි ගණිකා නිවසක් වටලයි.

බත්තරමුල්ල පැලවත්ත පහළවෙල ප‍්‍රදේශයේ සුපිරි දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවසක්‌ වැටලූ තලංගම පොලිසිය එහි ගණිකා වෘත්තියේ යෙදී සිටි බවට සැකකරන කාන්තාවන් 6 දෙනකු හා මධ්‍යස්‌ථානයේ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගණිකා නිවාසය මාසිකව ලක්‍ෂයක කුලී පදනමක්‌ මත ලබාගෙන පවත්වා ගෙන ගොස්‌ තිබෙන අතර එම ස්‌ථානය පවත්වාගෙන ගිය බවට සැක කරන ආයුර්වේද වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට පත් කාන්තාවන් පිළියන්දල, ගම්පහ, අවිස්‌සාවේල්ල, සහ කොළඹ අවට පදිංචිකාරියන් වන වයස අවුරුදු 25 ත් 30 ත් අතර විවාහක කාන්තාවන් බවත් ඔවුන් කොළඹ රැුකියාවල නියුතු වන බවට තම නිවෙස්‌වලට දන්වා මෙම රැුකියාවේ නියෑලී ඇති බවට පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වූ බව තලංගම පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් සැකකරු හා සැකකාරියන් ඊයේ (09 දා* කඩුවෙල මහෙස්‌ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.