FAST NEWS

24×7 Around the Globe

බ්‍රෙක්සිට් ගිවිසුමේ අවසන් යෝජනාවලිය අද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් බ්‍රෙක්සිට් ගිවිසුමේ අවසන් යෝජනාවලිය අද (02) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ මස 31 වනදාට බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඊට පෙර මෙම යෝජනාවලිය ඉදිරිපත් කෙරෙන ලෙසයි.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඊට එකඟත්වය පළ නොකළහොත් බ්‍රිතාන්‍ය කිසිදු කොන්දේසියකින් තොරව යුරෝපා සංගමය අත්හැරීමට සූදානම් බවයි.