FAST NEWS

24×7 Around the Globe

ඌව මහ ඇමතිකම වෙනුවෙන් එජාපය හා ශ්‍රීලනිප ගැටුම දුරදිග යන ලකුණු?

ඌව පළාතේ නව මහ ඇමතිවරයා ඊයේ (15) දිවුරුම් දුන්නා. මීට පෙර එම තනතුර දැරුවේ වත්මන් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාය.

හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසු පුරප්පාඩු වූ මහ ඇමතිධූර ඊළඟට හිමිවන්නේද එක්සත් ජාතික පක්ෂයේම අයෙකුට බවයි පෙරේදා පැවති ජන හමුවකදී ඔහු කියා තිබුණේ.

නමුත් චාමර සම්පත් දසනායක මහතා ශ්‍රීලනිප නියෝජනය කරන මන්ත්‍රී වරෙයක් වශයෙන් ඊයේ දිවුරුම්දුන් අතර මේ සම්බන්ධයෙන් එජාපය දැනටමත් විරෝධය පල කර ඇති බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරු 106ක් ලබාගෙන වැඩි බහුතරයක් තිබියදී පාර්ලිමේන්තුව තුල විපක්ෂයට ආරාධනා කරමින් ජාතික ආණ්ඩුවක් පිහිටවිමට එජාපය කටයුතු කලද පළාත් සභාව තුල එලෙස ශ්‍රීලනිප යට හැසිරීමට නොහැක්කේ මන්දැයි ඔවුන්ගේ ප්‍රධන තර්කය වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරු බොහොමයක් මේවන විටත් මේ පිළිබද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර විරෝධය පල කර ඇති අතර ඉදිරියේදී මේ පිළිබද යම් සංවාදයක් ඇති වනු ඇති බවයි දේශපාල විචාරකයන් පවසන්නේ.