(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංගට සමාන ලෙසට පන්දු යවන තවත් දක්ෂ ක්‍රීඩකයෙකු කන්ද උඩරටින් බිහිවීමේ විශේෂ පුවතක් වාර්තා විය.
ඔහු තවමත් 17 හැවිරිදි වියේ පසුවන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ උසස් පෙළ හදාරන සිසුවෙකි.
මෙම දක්ෂ පන්දු යවන්නා නමින් මතිෂ පතිරන වන අතර මේ වන විටත් ඔහුටගේ දක්ෂතාව පිළිබද බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබේ.
මතිෂ පතිරන තමන්ගේ ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රීඩා තරගයකට ක්‍රීඩා කරමින් ලකුණු 07 කට කඩුලු 06 ක් දවා ගැනීමට සමත් වූ දක්ෂ වේග පන්දු යවන්නෙකි.
ඔහුගේ මෙම සුපිරි ක්‍රීඩා විලාසය දැක්වෙන වීඩියෝවක් ද අන්තර්ජාලය ඔස්සේ දැකගත හැක.
මතිෂ පතිරනගේ මෙම සුපිරි දක්ෂතාවය පිළිබදව මෙරට ජනමාධ්‍යටත් ප්‍රථමයෙන්ම වාර්තාකර තිබුනේ ඉන්දීය ජාලයක් වන ‘Indian Today’ වීමද මෙහි ඇති විශේෂ සිද්ධියකි.









