FAST NEWS

24×7 Around the Globe

බදුල්ලේ ලක්ෂ්මන් සෙනෙවිරත්නට පාර්ලිමේන්තු වරම් ?

ඌව පළාත් සභාවේ නව මහඇමතිවරයා‍ ලෙස චාමර සම්පත් දසනායක මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දී තිබේ.

පසුගිය මහමැතිවරණයේදී ඔහු මනාප 64,418ක් ලබා ගනිමින් බදුල්ලේ සන්ධාන ලැයිස්තුවේ දෙවැනි තැන හිමිකර ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

කෙසේ වුවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඌවේ මහඇමති තනතුර ලබාදීම නිසා චාමර සම්පත්ගෙන් හිස්වන පාර්ලිමේන්තු ආසනය මහමැතිවරණයේදී පරාජයට පත්වූ ලක්ෂ්මන් සෙනෙවිරත්නට හිමිවීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

මහමැතිවරණයේදී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා මනාප 42,354 ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ සිව්වැනි තැනට පත්විය.

එම මැතිවරණයේදී නිමල් සිරිපාල ද සිල්වා මනාප 134,406ක් ලබා ගනිමින් පළමු තැනටත්, මනාප 43,517ක් ලබා ගනිමින් තේනුක විදානගමගේ තෙවැනි තැනටත් පත්ව තිබුණි.

ඌවේ මහඇමති පුටුව හිස්වූයේ හිටපු මහඇමති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට තේරීපත්වීම නිසාය.

ඒ අනූව නව පත්වීම සිදුව ඇත.