FAST NEWS

24×7 Around the Globe

ටැපා හේතුවෙන් ජපානයට දැඩි බලපෑම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

ජපානයට බලපෑ ටැපා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලබා තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි. 

ඔකිනාවා, නාගසාකි හා මියාසාකි අර්ධද්වීපයන්හි නිවාස රැසකට ද හානි සිදුව ඇති අතරපවතින සුළි කුණාටු තත්ත්වය හමුවේ එරට අභ්‍යන්තර ගුවන් ගමන් 54ක් අවලංගු කර තිබේ.

ජපානයේ බටහිර වෙරළ ප්‍රදේශයට පැයට කිලෝමීටර් 65ක වේගයකින් ටැපා සුළි කුණාටුව මේ වන විට ගමන් කරමින් පවතින බව එම වාර්තා වල වැඩිදුරටත් සදහන් වේ.